Homeසියලුම පුවත්ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමක්

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.ඒ අනුව හෙට (14) පෙරවරු 5.30 සිට නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 05ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස උපදෙස් ලබාදී තිබේ.එමෙන්ම කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලද ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී ඇත.දැනටමත් එම මුහුදු ප්‍රදේශවල සිටින පිරිස් වහාම ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසද දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 15 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව සඳහන් වේ.එමෙන්ම නොවැම්බර් 16 වැනිදා පමණ වන විට එය මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක්ද පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments