Monday, December 22, 2025
Homeදේශීයවයඹ මහ ඇමති තරගයට සජබයෙන් තුෂාර ඉඳුනිල් එයි

වයඹ මහ ඇමති තරගයට සජබයෙන් තුෂාර ඉඳුනිල් එයි

වයඹ පළාත් මහ ඇමති ධුරයට ඉදිරි පළාත් සභා මැතිවරණයේදි තමා තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් පවසනවා.

ඒ සඳහා සමගි ජනබලවේගයේ වයඹ පළාත් කණ්ඩායම් නායකයා වශයෙන් ඉදිරිපත්වන බවයි ඔහු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ.

එම මැතිවරණයේදි මහ ඇමති අපේක්ෂකයා ලෙස තමාට තරග කරන්නැයි සිය පක්ෂය ඉහළින් තීරණය කර තිබෙන බව හිටපු මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔහු මේ බව අනාවරණය කළේ හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවියේ සාකච්ඡාවකට එක්වෙමින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments