Sunday, October 26, 2025
Homeදේශීයපොලිස් අණ නොතකා වාහනයෙන් පලාගිය රියදුරු ගැන තවත් තොරතුරු හෙළිවේ

පොලිස් අණ නොතකා වාහනයෙන් පලාගිය රියදුරු ගැන තවත් තොරතුරු හෙළිවේ

රත්මලාන ප්‍රදේශයේදී ඊයේ (25) පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ රියදුරු පිළිබඳව නව කරුණු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, එම රියදුරු මැදිරිගිරිය පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙකු බවය.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ භාවිතයක් සම්බන්ධයෙන්ද විමර්ශනයට ලක්ව ඇති අතර, ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන රියදුරෙකු ලෙස කටයුතු කළ අයෙක් බවද තහවුරු වී ඇත.

රියදුරා අණ නොතකා ධාවනය කළ වෑන් රථය රත්මලාන ගොලුමඩම හංදිය අසලදී ගල්කිස්ස පොලිස් නිලධාරීන් වෙඩි තැබීමකින් නතර කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments