Monday, December 22, 2025
Homeදේශීයහිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෙත්සමට තීන්දුව ප්‍රකාශය පසුවට

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෙත්සමට තීන්දුව ප්‍රකාශය පසුවට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිබඳ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුවට කල් තැබූ බව වාර්තා වේ.

මෙම පෙත්සම, පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් බල රහිත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයෙන් වින්දිතයෙකු විසින් ඉදිරිපත් කර ඇති අතර, පෙත්සම පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක ඉදිරියේ විභාගයට ලක්විය.

අද (27) විභාගය අවසන් වූ පසු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විනිසුරු මණ්ඩලය විසින් පසුවට කල් තැබූ බවද සදහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments