මේ මස මුල් සති තුනේදී විදෙස් සංචාරකයන් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ මස 23 දා වන විට විදෙස් සංචාරකයන් 119,670 දෙනකු ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ ඔක්තෝබර් මස මුල් සති තුනනට සාපේක්ෂව වර්ධනයක් බව ද පසුගිය 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී විදෙස් සංචාරකයන් 135,907 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.
කෙසේ වුවද ඔක්තෝබර් මාසය ගත්විට දෛනික සංචාරක පැමිණීම ආසන්න වශයෙන් 5,000ට වැඩි අගයක් ගන්නා අතර ඒ අනුව මේ මාසයේ අවසානය වනවිට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි. මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයන් 1,845,164 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර එය පසුගිය 2024 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි
