Tuesday, October 28, 2025
Homeදේශීයඅධිවේගයේ යන වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය — කැබිනට් අනුමැතිය

අධිවේගයේ යන වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය — කැබිනට් අනුමැතිය

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලුම මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

මෙම යෝජනාව වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අතර, අධිවේගී මාර්ගවල අනතුරු සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මරණ සහ තුවාල අවම කිරීම අරමුණු කරගැනී ඇත.

අදාළ නියෝගය මෝටර් වාහන පනත යටතේ 2011 අංක 2 දරන (අධිවේගී මහාමාර්ග) නියෝගය සංශෝධනය කිරීමෙන් සිදු වන අතර, එය 2025 සැප්තැම්බර් 25 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් අංක 2455/29 මගින් අදාළ වේ.

ඒ අනුව, ඉදිරියේදී අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳා සිටීම අනිවාර්ය කාර්යයක් වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments