Wednesday, October 29, 2025
Homeව්‍යාපාරිකශ්‍රී ලංකාවේ ආර්ථිකය, අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ශක්තිමත් වෙමින් පවතිනවා – IMF...

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ශක්තිමත් වෙමින් පවතිනවා – IMF කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ප්‍රකෘතිමත් භාවයක් පෙන්නුම් කරමින්, එළඹෙන වසරේදී 3.1%ක වර්ධන වේගයක් අත්කර ගනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය නවතම පුරෝකථනය මගින් පෙන්වා දෙයි.

ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථික තත්ත්වය පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, තෝමස් හෙල්බ්ලින් මහතා මෙම කරුණු අනාවරණය කළේය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලද පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන, රටේ ආර්ථික වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් දමා ඇති බවයි.

පසුගිය වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, මෙම වසරේ පළමු භාගයේදී ද 4.8%ක වර්ධනයක් පවත්වා ගැනීමට සමත් වී තිබීම එම ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය මනාව පිළිඹිබු කරන බව හෙල්බ්ලින් මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මෙම ශක්තිමත් ප්‍රකෘතිමත් වීමේ ඇතැම් සාධක තාවකාලික ස්වභාවයක් ගන්නා බවත්, ආර්ථික ක්‍රියාකාරකම් යම් මට්ටමකින් සාමාන්‍යකරණය වෙමින් පවතින බවත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ විය.

එසේ වුවද, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක දිශානතියක ගමන් කරන බව අවධාරණය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2024 සහ 2025 වසරවලදී අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ශක්තිමත් සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාවට ළඟා කර ගත හැකි වනු ඇති බවට සිය දැඩි විශ්වාසය පළ කළේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments