Thursday, March 5, 2026
Homeවිදේශීයලොව උසම පල්ලිය ලෙස සග්‍රඩා ෆැමිලියා!

ලොව උසම පල්ලිය ලෙස සග්‍රඩා ෆැමිලියා!

ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ ඉදිවෙමින් පවතින සග්‍රඩා ෆැමිලියා (Sagrada Família) දේවස්ථානය, ලොව උසම පල්ලිය බවට පත්ව ඇත.

මධ්‍යම මිනාරයේ කුරුසියේ පළමු කොටස තැබීමත් සමඟ එහි උස මීටර් 162.91ක් දක්වා ඉහළ ගිය අතර, එය වසර 135ක් පුරා වාර්තාවක් තබා තිබූ ජර්මනියේ Ulm Minster පල්ලියට ඉස්සර කරයි.

මෙම පල්ලිය ලොව විශාලතම නිම නොකළ කතෝලික පල්ලිය ලෙසද සැලකේ. 1882 සිට ඉදිවෙමින් ඇති මෙය, 2026ට පෙර සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වේ.

නිම කිරීමෙන් පසු එහි මුළු උස මීටර් 172ක් දක්වා ඉහළ යනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments