Tuesday, February 17, 2026
Homeදේශීයඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ සිදුව තිබේ .අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා අනුව විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.

දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බවත් , කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නොමැති බවත් එම වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments