Tuesday, February 17, 2026
Homeදේශීයකිතුල්ගලේ මාර්ග අනතුරක් — පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කිතුල්ගලේ මාර්ග අනතුරක් — පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කිතුල්ගල පොලිස් වසමේ හැටන්–කිතුල්ගල මාර්ගයේ 39වන කිලෝමීටර් කණුව අසළදී සිදු වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

කිතුල්ගල දෙසට ධාවනය වූ කාර් රථයක් හා එයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් අතර ගැටීමෙන් අනතුර සිදුවිය.

යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය තැලිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කිතුල්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments