Thursday, November 13, 2025
Homeදේශීයදුෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට ඇප

දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට ඇප

දුෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරි සුමතිපාල මහානාම සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර ගුණරත්න යන පුද්ගලයින්ට අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී ඇත.

සුමතිපාල මහානාම මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ, දුම්රිය රියදුරු අයි.එල්.කේ. දිසානායකට එරෙහිව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව දුම්රිය සාමාන්‍යාධිකාරියක නියෝගය වෙනස් කරමින් ඔහුට අයුතු වාසියක් ලබා දීම සම්බන්ධයෙන්ය.

සරත්චන්ද්‍ර ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල නියමිත ක්‍රමවේදයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යොදවීමෙන්, සංස්ථාවට රුපියල් 1,667,294.87ක පාඩුවක් හා එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ලබාදීම සම්බන්ධයෙන්ය.

අදාළ සැකකරුවන් දෙදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, අධිකරණය ඔවුන්ට ශරත් සහිත ඇප ලබා දීමට නියම කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments