අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, WhatsApp මඟින් මුදල් ඉල්ලීම හා සබඳ වංචාකාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පසුගිය දිනවලදී ඉතා විශාල ලෙස වැඩි වී ඇති බවයි.
සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා පවසන පරිදි, වංචාවලට යොදා ගන්නා ක්‍රමය ලෙස, විශ්වාසවන්ත පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් භාවිතා කර Zoom මීටින් වැනි පාඨ ලින්ක් යැවීමක් සිදුකරයි. එවැනි ලින්ක් මඟින් OTP අංක ලබා ගෙන WhatsApp ගිණුම ලබා ගැනීමත්, එම ගිණුම භාවිතයෙන් මුදල් ඉල්ලීමත් සිදුකරන බව ද සදහන් කෙරේ.
පොලීසිය ජනතාවට අවධානයෙන් සිටීමටත්, කිසිවෙකුට තම OTP අංක හෝ පුද්ගලික තොරතුරු ලබා නොදීමටත් අවධාරණය කරයි.
WhatsApp මගින් මුල්‍ය වංචා වැඩි වෙයි

