Thursday, November 13, 2025
Homeදේශීයඑන්ජින් රියදුරු තනතුරුට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

එන්ජින් රියදුරු තනතුරුට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

දුම්රිය එන්ජින් රියදුරු ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයකට කාන්තාවන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරුවලට කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය හිමි වු බව අමාත්‍ය
වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව සඳහන් කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් කියා සිටියේ රාජ්‍ය අංශයේ
මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු කිහිපයකට කාන්තාවන් බඳවා ගැනීමට අවස්ථාව සලසා දෙන බවයි.

රජයේ නව ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා
මෙලෙස තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීම සිදුකිරීමට සැලසුම් කරන බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසර වල පමණක් කාන්තා නිලධාරින් බඳවාගෙන තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments