Thursday, November 13, 2025
Homeදේශීයදිවයිනේ දිස්ත්‍රික්ක 4ක සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද

දිවයිනේ දිස්ත්‍රික්ක 4ක සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය අටවමින්, ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද (05) දිනයේදී පැවැත්වීමට නියමිතය.

යුනෙස්කෝ අන්තර්රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා මෙය කලාපීය අභ්‍යාසයක් ලෙස සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම වැඩසටහනට මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5ක් ඇතුළත් වන අතර, ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේදී අද පෙරවරු 8.30ට ආරම්භ කිරීමට නියමිතය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, පළාත්පාලන ආයතන, පාසල් සහ හෝටල් ආදිය මෙයට සහභාගී වන බව ද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments