අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ගිනිගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකුට තුවාල ලැබී ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ United Parcel Service (UPS) සමාගමට අයත් McDonnell Douglas MD-11F නම් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.
වාර්තා අනුව, ගුවන් යානය ගුවන්ගත වීමේදී පවා අනතුරට පත්වූ අතර, එම හේතුවෙන් ලුයිස්විල් ගුවන්තොටුපොළේ සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
අනතුරට හේතුව තවමත් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර, ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකාවේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටෙයි

