නිව්යෝර්ක් නගරාධිපති ධුරයට
ප්‍රථම වරට මුස්ලිම් ජාතිකයකු පත්වේ
නිව්යෝර්ක් නගරාධිපති මැතිවරණයෙන් ඩිමොක්රටික් අපේක්ෂක සොහ්රාන් මම්ඩානි විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොමියුනිස්ට් හිතවාදී 34 හැවිරිදි මේ ඩිමොක්රටික් අපේක්ෂකයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ලැබූ සිය ප්‍රතිවාදී අපේක්ෂක ඇන්ඩෘ කියෝමෝ අබිබවා මැතිවරණය ජයගනු ඇතැයි මීට පෙර අනාවැකි පළ වූ අතර, පෙරේදා මැතිවරණයේදී 91%ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 50%ක ඡන්ද ප්‍රතිශතයකට හිම්කම් කී බවත්, ඇන්ඩෘ කියෝමෝ 42%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙසත් වාර්තා පොතට එක් වු මම්ඩානි 1892 වසරින් පසු නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරයට පත් වූ ළාබාලතම පුද්ගලයා ද වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
උගන්ඩා සම්භවයක් සහිත තරුණ දේශපාලනඥයකු වන මම්ඩානි නිව්යෝර්ක් නුවර නව නගරාධිපති ලෙස පත්වීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට දැඩි අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. නගරාධිපතිවරණයට දින දෙකකට පෙර ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඇන්ඩෘ කියෝමෝට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ බවත්, මම්ඩානි තේරී පත්වුවහොත් නිව්යෝර්ක් පරිපාලනයට මධ්‍යම රජයෙන් සපයනු ලබන අරමුදල් සීමා කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කර තිබිණි.

