ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට තීරණය කර ඇත.
මෙම කමිටුව පිළිබඳ විශේෂ සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, ඉදිරි වසර 10 සඳහා වන ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ඩිජිටල් පරිවර්තනය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව විමසා බැලුණි.
සාකච්ඡාවට දී ඩිජිටල් උපායමාර්ගික රාමුවක් සකස් කිරීම, සෞඛ්‍ය යටිතල පහසුකම් නවීකරණය, ජාත්‍යන්තර සහාය ලබාගැනීම සහ දත්ත සුරක්ෂිත කිරීම වැනි කරුණු සාකච්ඡා කෙරිණි.
කමිටුවේ කටයුතු සඳහා අදාළ කෙටුම්පත් සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකර්තන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් හංසක විජේමුණි, එරංග වීරරත්න, ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විඡේසුරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නායකයින් රැසක් සහභාගී වූහ.
සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවේ

