Homeසියලුම පුවත්රාජිතගේ සොයුරා ඇප ලැබුණත් රිමාන්ඩ්

රාජිතගේ සොයුරා ඇප ලැබුණත් රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබූ ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න මහතා ඇප මත මුදා හැර ඇති නමුත් ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප හිමිව තිබුණි.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර, සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කිරීමටය.
නමුත් සැකකරුට ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන නම්බුකාර හැලඹගේ මහිල් සේනාරත්න මහතා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වේ.
ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ දූෂණය නැමැති වරද කිරීමේ චෝදනාව මතය.
ඒ, 2010-2012 කාල සීමාව තුළ දිවයින පුරා මාළු අලෙවිසැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සෘජුවම තෝරාගත් ආයතන 02ක් වෙත අනුමැතිය ලබාදී හා එම ආයතන වෙත ගෙවීම් කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කිරීම තුළින්, දුෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments