Thursday, November 13, 2025
Homeදේශපාලනමාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය වගේ ම අයවැයත් සුරංගනා කතාවක්

මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය වගේ ම අයවැයත් සුරංගනා කතාවක්

මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය වගේ ම පසුගිය අයවැය කතා දෙකත් අයිති වන්නේ සුරංගනා කතා කියන වර්ගීකරණයට බව ත් එනිසා ජනාධිපතිගේ අතීත, වත්මන් සහ අනාගත සුරංගනා කතා නමින් පොත් රාක්කයක් වෙන් කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ඊයේ (නොවැ. 10) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාර්ලිමේන්තු පුස්තකාලයට දරුවන් එන්නේ නැති නිසා සුරංගනා කතා අංශයක් නොමැති බව ත් එනිසා මාලිමාව මැතිවරණ ප්‍රකාශනය ඊට එක් කිරීම හොඳ බව ත් ඔහු සඳහන් කළේ ය.

උදය ගම්මන්පිල එහිදී මෙසේ ද පැවසීය.

“සාමාන්‍යයෙන් සුරංගනා කතා කියන්නේ පුංචි දරුවන් නිදිකර ගන්නනේ. ජනාධිපතිතුමාගේ අය-වැය කතාව අහගෙන ඉන්න විට නින්ද ගිය මන්ත්‍රිවරුන් දැක්කාමත් මේක සුරංගනා කතාවක් කියලා ඔප්පු වෙනවා. මේ අය-වැය කෙතරම් ප්‍රායෝගික නොවන සුරංගනා කතාවක් දැයි තේරුම් යන්නේ 2025 අයවැය කතාව කෙතරම් දුරට ඉටු වුණා ද කියන එක අධ්‍යයනය කළාමයි.

2025 වසරේ පාරවල්, වැව් සහ ගොඩනැඟිලි ඉදිකිරීම වගේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,300ක් වෙන් කරලා තිබුණා. නමුත් සැප්තැම්බර් 30 වන විටත් ඒ මුදලින් පාවිච්චි කරලා තිබුණේ 25%ක් පමණයි. වැඩිම වුණොත් වසර අග වන විට ප්‍රාග්ධන වියදම් 50% දක්වා වැඩි වේවි. ඊට වඩා නම් වැය කරන්න බෑ. සරලව කිව්වොත් පසුගිය අය-වැයෙන් උජාරුවට ඉදිරිපත් කළ අය-වැය යෝජනාවලින් 50%යි ඉටු කරලා තිබෙන්නේ. හරි අඩක් ම බොරු පොරොන්දු විතරයි. මොනවාද කළේ? මොනවාද නොකළේ? මොනවාද භාගෙට කළේ කියන එක දැන ගන්න වෙන්නේ 2025 මහ බැංකු වාර්තාව එළි දැක්වූවාට පස්සේ තමයි

RELATED ARTICLES

Most Popular

Recent Comments