Homeසියලුම පුවත්රුමේෂ් තරංගට අභියෝග කරන ජර්මනියේ ජුලියන් වෙබර්

රුමේෂ් තරංගට අභියෝග කරන ජර්මනියේ ජුලියන් වෙබර්

2026 යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්ව තිබේ.

එහිදී ඔහු මීටර් 90.40ක දුරක් වාර්තා කර ඇති අතර, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතා ඉතිහාසයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වකදී මීටර් 90 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

මීට පෙර 1998 වසරේදී මහා බ්‍රිතාන්‍යයේ ස්ටීව් බැක්ලි මීටර් 89.72ක දුරක් වාර්තා කරමින් පිහිටුවා තිබූ වාර්තාව මෙලෙස වසර 28කට පසු බිඳ දැමීමට ජුලියන් වෙබර් සමත්ව ඇත.

වෙබර්ගේ මීටර් 90.40ක දක්ෂතාව මේ වසරේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව වන අතර, එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගටය.

රුමේෂ් තරංග මේ වසරේදී මීටර් 92.62ක දුරක් වාර්තා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments