Thursday, November 13, 2025
Homeදේශීයඉන්දු - පාකිස්තාන බෝම්බ පිපීරීම්වලින් ශ්‍රී ලංකාවට අවදානමක් නැහැ - ආනන්ද විජේපාල

ඉන්දු – පාකිස්තාන බෝම්බ පිපීරීම්වලින් ශ්‍රී ලංකාවට අවදානමක් නැහැ – ආනන්ද විජේපාල

ඉන්දියාවේ සහ පාකිස්තානයේ ඉකුත් දිනවල සිදු වූ බෝම්බ පිපීරීම්වලින් ශ්‍රී ලංකාවට කිසිදු ආරක්ෂක අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ වනවිට ලංකාවේ බුද්ධි අංශ සක්‍රීයව ක්‍රියාත්මක වන අතර, ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

> “දැනට එහෙම තර්ජනයක් ගැන කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. අපේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආරක්ෂක අංශ සියල්ලම ජාතික ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියා කරමින් සිටින නිසා ප්‍රශ්නයක් නෑ,”
අමාත්‍යවරයා මෙසේ පැවසීය.



ඉන්දු – පාකිස්තාන ප්‍රහාරයන්ට අමතරව, විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැනද අදහස් පළ කළ අමාත්‍යවරයා,

> “මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සමහර පිරිස් එහෙන් ඉවත් වෙන්න කැමතියි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අය එයින් ඉවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක යහපත් තත්ත්වයක්,”
අනුරාධපුරේ මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දෙනවිට සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments