Saturday, January 17, 2026
Homeදේශීයකැබ් රථ මිලදී ගන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට – කැබිනට් ප්‍රකාශක

කැබ් රථ මිලදී ගන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට – කැබිනට් ප්‍රකාශක

අයවැය හරහා රජය කැබ් රථ 1,775ක් මිලදී ගන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම කැබ් රථ ලබා දීමේ ප්‍රධාන අරමුණ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම නොවන බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්ය.

ඔහු තවදුරටත් පැවසුවේ, මෙම වාහන බෙදා දීම රාජ්‍ය සේවකයන්ගේ ක්‍රියාදාමය වඩා කාර්යක්ෂම කිරීම සහ පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් සේවා සැපයීම දියුණු කිරීම සඳහා යැයිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments