ශ්‍රී ලංකාවෙන් පිටත ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කරන ලද වාහන රේගුව විසින් රඳවාගෙන සිටින අතර, ඒවා මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් පිරිසක් විසින් ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගය සඳහා ජනවාරි 14 වනදා දිනයක් අභියාචනාධිකරණය නියම කර තිබේ.
මෙම පෙත්සම් අද (12) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් සමන්විත මඩුල්ල ඉදිරියේ කැඳවුණි.
පෙත්සම්කාරයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් සහ ෆයිසර් මුස්තාපා මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ණයවර ලිපි විවෘත කරමින් වාහන ආනයනය කිරීම නීත්‍යානුකූල ක්‍රියාවලියක් බව පෙන්වා දුනි.
නීතිපති දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසුවේ, ඉන් සම්බන්ධ නව ගැසට් නිවේදනයක් ඔක්තෝබර් 24 දින නිකුත් කර ඇති බවය.
අභියාචනාධිකරණය නියම කළේ,
විරෝධතා දෙසැම්බර් 3 දක්වා ගොනු කිරීමට,
ප්‍රතිවිරෝධතා දෙසැම්බර් 15 දක්වා ගොනු කිරීමට,
සහ පෙත්සම් විභාගය ජනවාරි 14 දිනට කැඳවීමටය.
රේගුවෙන් රඳවාගෙන සිටින වාහන මුදාහැරීමේ පෙත්සම විභාගයට ජනවාරි 14 දා

