Thursday, November 13, 2025
Homeදේශපාලනගොවියා අනාථ කරලා--සරත් වීරසේකර

ගොවියා අනාථ කරලා–සරත් වීරසේකර

වර්තමාන ආණ්ඩුව ගොවියාගේ ඡන්දයෙන් පැමිණ ගොවියා සම්පූර්ණයෙන්ම අනාථ කර ඇති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (12) පැවසීය.

හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

භාණ්ඩාගාරයේ ටි්‍රලියන ගණනක මුදල් තැන්පතු ඇතැයි රජය පැවසුව ද එම මුදලින් ඉතාම අඩු ප්‍රතිශතයක් වියදම් කර දේශීය අල සහ ලුණු ගොවියාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර නොගන්නා බව ද ඒ මහතා කීය.

වර්තමාන ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය සරෝජා පෝල්රාජ් මැතිණිය නිල සංචාරයක් සඳහා එංගලන්තයට ගිය අවස්ථාවේදී බරපතල ප්‍රකාශයක් කළ බවත් වර්තමාන රජය බලයට පත්වීමට පෙර දෙමළ ජනතාව ඉතාම බයෙන් සිටි අතර ඔවුන් පොලිසියකට යෑමට වගේම හමුදාව ඔවුන්ව හිරකරයි කියා බයෙන් සිටියේ යැයි ද එම බි්‍රතාන්‍ය රැස්වීමකදී ඇමතිවරිය ප්‍රකාශ කළ බවත් වීසේකර මහතා සඳහන් කළේය.

ඒ වගේම තවත් බරපතල ප්‍රකාශයක් කරමින් එතුමිය දෙමළ ජනතාව මේ රටේ පූර්ණ පුරවැසියන් ලෙස පිළිගන්නවා ද කියන සැකයක් තිබූ බවත් වර්තමාන රජය පැමිණියාට පසු ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ යැයි ද ප්‍රකාශ කර ඇති බවත් ඔහු කීය.

ඇය මාතර දිස්ත්‍රික්කයෙන් සිංහල, බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ අතර සිංහල, බෞද්ධ ඡන්දයෙන් පත්වී ඇය එංගලන්යට ගොස් දෙමළ ජාතිකයන්ට පූර්ණ පුරවැසියන් සේ සලකනවාද කියන සැකයක් මතුවෙලා තිබුණා, නමුත් වර්තමාන රජය පැමිණියාට පසු එය නැති කළේ යැයි ප්‍රකාශ කරන බවත් ඇය ඒ ප්‍රකාශය කරන විට කථානායකතුමා, අධිකරණ ඇමතිතුමා, මාධ්‍ය ප්‍රකාශක එහි සිටි බවත් ඒ මහතා පැවසීය.

යුද්ධය අවසාන අදියරේ දෙලක්ෂ අනුපන්දාහක් අසරණ, අහිංසක දෙමළ ජනතාව බේරාගෙන අපේ හමුදාව ක්‍රියාකළ අතර ලෝකයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ හමුදාවක් කළානම් එහි ගෞරවය අපේ හමුදාවට ලැබිය යුතු බවත් ප්‍රභාකරන් කියන ඒ ත්‍රස්තවාදියා දෙමළ ජනතාව ලක්ෂ 03 ක් පමණ මිනිස් පලිහක් සේ තියාගෙන සිටියදි දෙමළ ජනතාවගේ ජිවිත හමුදාව ආරක්ෂා කළ බවත් ඔහු කීය.

හමුදාවකින් දෙමළ ජනතාවට හිරිහැර වෙනවා යැයි අසත්‍ය ප්‍රකාශයක් කළ ඒ අමාත්‍යතුමිය උතුරේ තමන්ගේ යැයි කියන දෙමළ ජනතාවට ලේ දීලා තිබෙනවාද යැයි ප්‍රශ්න කරන බව කී අදටත් බොහෝ අවස්ථාවල උතුරේ ලේ බැංකුවල ලේ අඩු වුණාම ලේ දන්දෙන්නේ අපේ පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන් බව ද සඳහන් කළේය. එවැනි තත්වයක් තුළ සරෝජා අමාත්‍යතුමිය එංගලන්තයට ගොස් හමුදාවගෙන් හිරිහැර වෙනවා යැයි ප්‍රකාශ කළත් හමුදා නිලධාරීන් ඔවුන්ගේ නිවාස 8000 ට වඩා හදලා තිබෙන බවත් එක උළු කැටයක් පරිත්‍යාග කරන්න සරෝජා ඇමතිතුමිය පැමිණියාද? එහෙම නැති කෙනෙක්ට පුළුවන්ද, අයිතියක් තිබෙනවාද යන ගැටලුව මතු වන බවත් ඔහු සඳහන් කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments