Sunday, November 16, 2025
Homeදේශීයලොරි සොරකම්කරුගේ පලායෑමේදී අනතුරු දෙකක් – පුද්ගලයෙකු මරුට

ලොරි සොරකම්කරුගේ පලායෑමේදී අනතුරු දෙකක් – පුද්ගලයෙකු මරුට

කඳාන මාරියා මාවත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය පවසයි.

ව්‍යාපාරිකයෙකුගේ නිවස අසල නවතා තිබූ ලොරි රථයක් සැකකරුවෙකු විසින් සොරකම් කර පලා යාමේදී මෙම අනතුරු සිදුවී ඇත. ලොරි හිමිකරු සහ සේවකයින් රථය ලුහුබදිමින් සිටියදී, සැකකරු පලා යමින් තිබූ අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිසාවේ පැමිණි යතුරුපැදියකට ගැටීමෙන් පළමු අනතුර සිදුවිය.

පසුව, තවත් පලා යාමට උත්සාහ කළ සැකකරු තවත් යතුරුපැදියකට ගැටී, ලොරි රථය පාර අසල තාප්පයක ගැටී පෙරළී තිබේ.

පළමු අනතුරින් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙයි. දෙවන අනතුරින් තුවාල ලැබූ 43 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇත.

සැකකරු ප්‍රදේශවාසීන් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදී ඇති අතර, ඔහු රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. ඔහු ජා ඇළ ප්‍රදේශයේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments