ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ පතල් කටයුතු ඇමති ලුවිස් වටූම් කබම්බා ඇතුළු පිරිසක් ගමන්කරමින් සිටි ගුවන්යානය ගොඩබැස්වීමේදී අනතුරට ලක්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙහිදී ඇමතිවරයා සහ මගීන් 19 දෙනාට කිසිදු ජීවිත හානි සිදුව නැත. කින්ෂාසා අගනුවර ගුවන්තොටුපොලෙන් ලුආලාබා ප්‍රාන්තයේ කොල්වෙසී ගුවන්තොටුපොළ වෙත යන අතර යානය ගිනිගැනීමට ලක්ව තිබේ.
නමුත්, මගීන්ගේ ගමන් මලු ගබඩා කොටසට හානි සිදුවී ඇති බව වාර්තා වේ.

