උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අද (19) දිනය පුරාවට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සමගම, බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව පළාත්වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් පස්වරු 1.00ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බළපොරොත්තු කරයි.
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අලුයම් විඳින විට මීදුම් සහිත තත්ත්වයක්ද ඇතිවිය හැක.
තද ගිගුරුම් සහිත වැසි සමග බලාපොරොත්තු කළ හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුකොටගෙන ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සුරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් අවධාරණය කරයි.
සවස 1ට පසුව අදත් ප්‍රදේශ රාශියකට තද වැසි

