Thursday, November 20, 2025
Homeදේශපාලනපරාජිතයන්ගේ සංවිධානාත්මක කුමන්ත්‍රණ සියල්ල පරාජය කරනවා - ජනපති මැතිසබේදී කියයි

පරාජිතයන්ගේ සංවිධානාත්මක කුමන්ත්‍රණ සියල්ල පරාජය කරනවා – ජනපති මැතිසබේදී කියයි

ත්‍රිකු­ණා­ම­ලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි­රාජ විහා­ර­ස්ථා­නයේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් ලබා­දෙන ලෙස මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාට නියෝග කර තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

විහා­ර­ස්ථා­න­යට අයත් ඉඩම් අධි­ක­ර­ණය මඟින් ලබා­දෙන නියෝ­ග­ය­කින් අන­තු­රුව වෙන්කර දීමෙන් පසුව එහි ඉදිරි කට­යුතු කර­ගෙන යා හැකි බව ද හෙතෙම කියා සිටි­යේය.

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ සහ මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂ සම්බ­න්ධ­යෙන් පැවති විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

මත් ජාවා­රම සහ අප­රාධ කල්ලි මුළු­ම­නින්ම අව­සන් කරන බවත් සංවි­ධා­නා­ත්මක කුම­න්ත්‍රණ සියල්ල පරා­ජ­යට පත්ක­ර­මින් දරු පර­පුර වෙනු­වෙන් සුපි­රි­සිදු රාජ්‍ය­යක් නිර්මා­ණය කිරීම උදෙසා අධි­ෂ්ඨා­න­යෙන් හා චේත­නා­වෙන් කට­යුතු කරන බවත් කීවේය.

පරා­ජිත බල­වේ­ග­වල අර­මුණ ජාති­වාදී අවස්ථා නිර්මා­ණය කර ගැනීම බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා, එවැනි අව­ස්ථා­වන්ට කිසි­සේත් ඉඩ නොදෙන බව ද අව­ධා­ර­ණය කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ­කළ අනුර කුමාර දිසා­නා­යක මහතා,

“ත්‍රිකු­ණා­ම­ලයේ සිදුවූ සිදු­වීම සම්බ­න්ධ­යෙන් මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යා­ගෙන් වාර්තා­වක් ඉල්ලා සිටියා. මේ පිළි­බඳ මම දැන­ට­මත් මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්තු­මාට කිව්වා මොකක්ද වුණේ කියලා වාර්තා­වක් එවන්න කියලා. මම වාර්තා­වක් කැඳ­වලා තියෙ­නවා. ඒ වගේම මහ­ජන ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා මෙහි ආර­ක්ෂාව පිළි­බඳ ප්‍රකාශ කළා. මේ බුදු පිළි­මය පොලී­සි­යට වැඩම කිරීම පිළි­බඳ සට­හ­නක් තබා තිබෙ­නවා. ඒකේ ඉතාම පැහැ­දි­ලිව තියෙ­නවා ආර­ක්ෂාව සඳහා තමයි මේ බුදු පිළි­මය මෙත­නට වැඩ­ම්මෙව්වේ කියලා. ඊට පස්සේ තියෙන්නේ මොකක්ද? මේ බුදු පිළි­මය පොලිස් ස්ථාන­යට වැඩම කෙරෙව්වා නම් ඊළ­ඟට මේ ගැටුම එන්නේ පොලී­සිය සහ ඔය කියන ජාති­වාදි කණ්ඩා­යම් අත­රයි. ඒ නිසා තමයි නැවත එත­නට බුදු පිළි­මය වැඩම කොට ඒ අවශ්‍ය වන ආර­ක්ෂාව ලබා­දීලා තියෙන්නේ. පොලී­සිය මෙවැනි සිදු­වීම් සම්බ­න්ධ­යෙන් කට­යුතු කළ­යුතු වෙනවා.

මේකට පැරණි බල­ප­ත්‍ර­යක් තිබෙ­නවා 2014 වගේ. නමුත් කිසි­සේත්ම එතැන් සිට මේක විහා­ර­ස්ථා­න­යක් ලෙස හැඳි­න්වූ­වාටමේක විහා­ර­ස්ථා­න­යක් ලෙස මෑත කාලයේ භාවිත වෙලා නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපණ ශාලා­වක් විදි­හට. ආප­ණ­ශා­ලාවේ ඉදි­කි­රීම් පිළි­බඳ ප්‍රශ්න­යක් පැන නැඟිලා ඒ ආප­ණ­ශා­ලාවේ නීති විරෝධි ඉදි­කි­රීම් තියෙ­නවා කියලා ඒ නීති­වි­රෝධී ඉවත් කිරීම් පිළි­බඳ වෙරළ සංර­ක්ෂණ අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා නියෝ­ග­යක් ලබා දීලා තිබුණා. ඒ නියෝ­ග­යට විරු­ද්ධව අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කරලා තිබුණා පරි­සර අමා­ත්‍යාං­ශ­යට. නාග­රික සංව­ර්ධන අධි­කා­රිය සමඟ ඊට පස්සේ පැවැති සාක­ච්ඡා­ව­කදී හාමු­දු­රු­වන් වහන්සේ ඉල්ලා තිබුණා තව සති­යක කාල­යක් ලබා දෙන්න කියලා. ඒ කාලේ දෙනවා. ඒ කාලේ ගත­වෙන්නේ 14 වැනි­දාට. 16 වැනිදා තමයි මේ සිද්ධිය පැන නඟින්නේ. එත­කොට ආග­මික ස්ථාන­යක් පිහි­ටු­වීම වගේම වෙනත් කතා­ව­කුත් මේක ඇතුළේ තියෙන බව පේනවා. පොදු ජන­තාව හිතන්න පුළු­වන් මෙතන විහා­ර­ස්ථා­න­යක් තියෙ­නවා කියලා. නෑ එතන ආග­මික වතා­වත් කරන ස්ථාන­යක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.

සිද්ධිය වුණාට පස්සෙ දිසා­පති කාර්යා­ලයේ සාක­ච්ඡා­වක් තිබුණා. දිසා­පති කාර්යා­ලයේ දී එක­ඟ­තා­වක් ආවා නිය­මිත මිනි­න්දෝ­රු­වෙක් දාලා ඉඩම බෙදලා හරි­ය­ටම මැනුම් කට­යුතු කරලා වෙරළ සංර­ක්ෂණ එකට අයිති කොටස කෝකද, පන්ස­ලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාක­ච්ඡා­ව­කට ආවා ඊයේ. අධි­ක­ර­ණය දැන් දීලා තියෙන නියෝ­ගය තමයි අලුත් ඉදි­කි­රීම් කිසි­වක් කරන්න එපා, තිබෙන ඉදි කිරීම් ඉවත් කර­න්නත් එපා, අධි­ක­ර­ණ­යෙන් තීන්දු­වක් ලබා දුන්නාට පසුව අදාළ වැඩ­ක­ට­යුතු කරන්න පුළු­වන් කියලා. දැන් ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්නය අව­සන්. අර ජාති­වාදී කණ්ඩා­යම් දැන් හැම තැනම ගිනි තිය තිය යනවා. අපි ඉතා­මත් ශක්ති­මත්. ජාති­වා­ද­යට නම් ඉඩ තියන්නේ නෑ. මේ රටේ පොදු ජන­තාව ජාති­වා­ද­යට ඉඩ දෙන්නෙත් නෑ. ඒ නිසා කවුරු හරි උත්සාහ කර­නවා නම් නැවත පැරණි ජාති­වාද නාඩ­ගම් මේ රටේ ඇති කරන්න. ඒක ඉති­හා­ස­යේම විත­රයි. ඒක වර්ත­මා­න­යත් නෙමෙයි අනා­ග­ත­යත් නෙමෙයිÓ යැයි පැවැ­සීය

RELATED ARTICLES

Most Popular

Recent Comments