Thursday, November 20, 2025
Homeවිදේශීයසෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක

සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක

සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් වසර හතකට පසු ධවල මන්දිරයේ සංචාරයකට එක්වීය. 2018 දී මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය පිළිබඳව මාධ්‍යවේදින් සහ රටවල් අතර තදවූ මාතෘකාවක් අතරතුර මෙම සංචාරය සිදු විය.

එම ඝාතනය පිළිබඳව එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, සල්මාන් කුමරු එයට සම්බන්ධ නැති බවයි. කුමරුත් පවසා තිබුණේ, එවන් සිදුවීම් නැවත සිදු නොවීමට සෞදිය වග බලා ගන්නා බවය.

කෙසේ වෙතත්, 2021 දී ප්‍රකාශයට පත් වූ ඇමරිකානු බුද්ධි තක්සේරුව මත, කෂෝගිගේ මරණයට හේතු වූ මෙහෙයුම සල්මාන් කුමරු අනුමත කළේ බව සඳහන් වේ. එබැවින් ට්‍රම්ප්ගේ අදහස් ඒ සම්බන්ධයෙන් පටහැනි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර සංචාරය අතරතුර දෙරට අතර ආරක්ෂක උපකරණ මිලදී ගැනීම, න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාව, සහ කෘත්‍රීම බුද්ධි පිළිබඳ විශාල ආයෝජන ගැන සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට අවස්ථා ලැබෙනු ඇති බවද වාර්තා පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments