Saturday, January 17, 2026
Homeදේශීයවිශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සඳහා කමිටුවක්


විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සඳහා කමිටුවක්

විශේෂඥ වෛද්‍යවරුන්ට නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කමිටුවක් පත් කර ඇත. මෙම තීරණය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසු ගනු ලැබීය.

කමිටුවේ සභාපති ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පත්කර තිබේ. වෛද්‍ය අර්ජුන තිලකරත්න, වෛද්‍ය සමිද්ධි සමරකෝන් සහ නීති නිලධාරී වෛද්‍ය චාමින්දිකා හේරත්ද කමිටුවේ සාමාජිකයින් වේ.

නව සේවා ව්‍යවස්ථා කෙටුම්පත 2026 ජනවාරි 20ට පෙර ඉදිරිපත් කිරීමට ලේකම් අනිල් ජාසිංහ විසින් කමිටුවට උපදෙස් ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments