Thursday, November 20, 2025
Homeදේශීයතෙවැනි දිනටත් වෛද්‍යවරු වැඩ වරතී

තෙවැනි දිනටත් වෛද්‍යවරු වැඩ වරතී

වෛද්‍ය සේවා කටයුතු කීපයක් සීමා කරමින්, ඊයේ (19දා) තෙවැනි දිනටත් දිවයින පුරා රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටියහ.

2026 අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධව අවධානය යොමු නොකිරීමත්, ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී ද සාධනීය විසඳුමක් නොලැබීමත් නිසා සිය වෘත්තීය ක්‍රියා මාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමල් විජේසිංහ මහතා ඊයේ (19 දා) පැවසීය.

“අපි බලාපොරොත්තු වන පිළිතුර නිශ්චිත වැඩපිළිවෙළක්, නිශ්චිත විසඳුම් මාලාවක්, පිළිගත් කාලරාමුවක් ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කළ යුතුයි. එම විසඳුම් ලැබෙන තුරු අපි මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම, හෙද කාර්ය මණ්ඩලයේ සිටින දේශපාලන වෘත්තීය සමිතිවල නිලධාරීන්ට කියනවා අපට වෘත්තීය ක්‍රියා මාර්ග කරන හැටි කියා දෙන්න එපා කියලා. තමන්ගේ හතර මායිමවත් දන්නේ නැතිව, වැට පනින්න එපා. අපේ ඉල්ලීම් පමණක් නෙවෙයි, රෝගී අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් ද අද බිඳ වැටෙමින් තිබෙනවා. සෞඛ්‍ය පද්ධතියට විය යුතු විශාල වැඩ කොටසක් අද සිදු වෙන්නේ නෑ. 2026 අයවැය ඒ පිළිබඳව අවධානය යොමු කරලා නැහැ

RELATED ARTICLES

Most Popular

Recent Comments