නීතිවිරෝධී මත්පැන් බෝතල් 200ක් සමඟ පුද්ගලයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (12) මහබාගේ, මුතුරාජවෙල වගුරුබිම් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති බවය.
පොලිස් භාරයට ගත් මත්පැන් සමඟ සැකකරු මහබාගේ පොලීසිය වෙත භාරදී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

