Thursday, November 20, 2025
Homeදේශපාලනවාහන හතලිහක් පරණ… ඒවෙන් වැඩ වෙන්නේ නෑ

වාහන හතලිහක් පරණ… ඒවෙන් වැඩ වෙන්නේ නෑ

රජය කැබ් රථ දෙදහසක් මිලට ගැනීමට තීරණය කළේ දැනට රාජ්‍ය සේවයේ භාවිතා වන බොහෝ වාහන අවුරුදු 20–40 පරණවීම නිසා ඒවාෙන් වැඩ කරගැනීමට හැකියාව ඉතා අඩුවී ඇති බවයි.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පවසා සිටියේ තම අමාත්‍යාංශයෙහි පවතින ඇතැම් වාහන සෘජුවම වසර 40ක පරණ බවද, මහනුවර, ගාල්ල, කළුතර, ගම්පහ වැනි ප්‍රදේශවලද බොහෝ සේවා වාහන දශක දෙකකට වැඩි වශයෙන් පරණ තත්ත්වයේ පවතින බවත්ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉංජිනේරු කාර්යාලය තුළ පවතින සියලුම වාහන අවුරුදු 25 ඉක්මවා ඇති බැවින් එවැනි වාහනවලින් දෛනික සේවාව ක්‍රියාත්මක කරගැනීම දැඩි අස්ථාවරතාවයක් ඇති කර ඇති බවයි.

එම හේතු නිසා රාජ්‍ය සේවාවේ කාර්ය සාධනය නියමිත ලෙස පවත්වාගෙන යාම සඳහා නව වාහන සංචිතයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් ඒ මත රජය කැබ් රථ 2,000ක් මිලට ගැනීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේය. මෙම වාහන සංචිතයෙන් 1,775කට රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාත්මක සේවාව සඳහා බෙදාහැරීමට නියමිත බවද ඔහු කීවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments