මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් සමඟ 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාදම්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී, සැකකරු සතුව තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 310 වන තොගයක් බව පොලිසිය ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදු කරමින් සිටී.

