මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පැවසීය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වසරේ නව සමාගම් 18,000ක් ද ලියාපදිංචි කර ඇති බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙය හෙළි කළ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේ ලබා දී ඇති ආදායම් ඉලක්කය ගිය වසරට සාපේක්ෂව 18%කින් වැඩි බවද පැවසීය.
කොමසාරිස් ජනරාල් මහත්මියගේ ප්‍රකාශය අනුව, පසුගිය සතිය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉතිහාසයේ වැඩිම ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ආදායමක් ලබා ගැනීමට හැකිව තිබේ. මේ වනවිට බිලියන 2,080ක ආදායමක් ලබාගෙන ඇත.
මේ වසරේ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි

