Thursday, January 15, 2026
Homeදේශීයඅවුකන පාර ජලයෙන් යටවෙයි – රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කිරීමට ඉල්ලයි

අවුකන පාර ජලයෙන් යටවෙයි – රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කිරීමට ඉල්ලයි

කලාවැව ජලාශයේ හදිසි වාන් දොරටු දෙක අඩි 2 බැගින් විවෘත කර ඇති බැවින්, තත්පරයට ඝණ අඩි 2,640ක ජල ප්‍රමාණයක් කලාඔය වෙත මුදාහැරෙමින් සිටී.

ඒ හේතුවෙන් කලාවැව – අවුකන මාර්ගයේ ගමනාගමනය ජලයෙන් බාධා වී ඇති අතර, රියදුරන් විකල්ප මාර්ග භාවිතා කිරීමට පොලිසිය උපදෙස් දී ඇත.

මේ අතර කලාවැව ජලාශයේ ජලධාරිතාව අද (25) සවස වනවිට අක්කර අඩි 87,097ක් දක්වා ඉහළ ගොස් ඇත.

පවතින වැසි තත්ත්වය වැඩිවුවහොත් වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බැවින්, පහත් බිම්වල පදිංචිකරුවන්ට සවිශේෂ අවධානයෙන් පසුවන ලෙසද දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments