Wednesday, November 26, 2025
Homeදේශීයතංගල්ල මුහුදේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට – සැකකරුවන්ට රිමාන්ඩ්

තංගල්ල මුහුදේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට – සැකකරුවන්ට රිමාන්ඩ්

තංගල්ලට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගෙන එමින් සිටි සැකකරුවන් ලබන මාස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් හත දෙනා අතර ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුද සිටී.

මෙම සැකකරුවන් දින හතක රඳවා ප්‍රශ්න කර ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට එක්වූ නිලධාරීන් පැවසුවේ විමර්ශන තවම අවසන් නොවන බවත් ඒ නිසා සැකකරුවන් රිමාන්ඩ් කිරීම අවශ්‍ය බවත්ය. අධිකරණය මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසත් මත්ද්‍රව්‍ය ගෙන ආ ධීවර යාත්‍රාවේ GPS පරීක්ෂා කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසත් නියෝග කර ඇත.

නාවික හමුදාව සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 115ක් සහ අයිස් කිලෝග්‍රෑම් 261ක් සොයාගැනීමට බලධාරීන්ට හැකිවිය. මේ වනවිට සැකකරුවන් ඉදිරි විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments