ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට කිලෝමීටර් 210ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත.
එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතියෙන් ඇතිවන බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදනවලට අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු මැද, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලීමීටර් 200ට වැඩි වැසි, තවත් උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මාතර, මඩකලපුව දිස්ත්‍රික්කවල මි.මී. 150ට වැඩි තද වැසි ඇතිවිය හැක.
සෙසු ප්රදේශවලද ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි වැසි ඇතිවිය හැක. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැය කිලෝමීටර් 60–70ක් පමණ තද සුළං හමනු ඇති අතර මෙම තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

