අධික වර්ෂාවන් නිසා ඇති වූ ගංවතුර හා නායයෑම් ඇතුළු හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව මියගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල පියවර ගෙන ඇත.

