Tuesday, March 3, 2026
Homeweatherweatherබස්නාහිර, සබරගමුව සහ දකුණු ප්‍රදේශවලට ප්‍රබල අකුණු අවදානම

බස්නාහිර, සබරගමුව සහ දකුණු ප්‍රදේශවලට ප්‍රබල අකුණු අවදානම

බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා අද (05) ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.

දහවල් 12.15ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන අතර, රතු වර්ණයෙන් සළකුණු කළ ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් සිටිය යුතු බව සඳහන් කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments