කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක් අද (07) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වේ.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමයේ තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් මෙම ප්‍රදේශවල ජනතාවට විශේෂ අවධානයෙන් සිටීමට උපදෙස් දෙන අතර, අකුණු වැඩිවන අවස්ථාවල අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටී.
ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්

