මහනුවර සිට කොළඹ බලා යන දුම්රිය මගීන්ට හෙට (08) අලුයම සිට විශේෂ බස් රථ යොදා ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර ඇති බව සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.
විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින අතර උදෑසන 4.00, 4.15 සහ 4.30ට පමණක් මගීන් සඳහා මෙම සේවාව සැපයීමට කටයුතු කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අවශ්‍යනම් අමතර බස් රථද මෙම මගී ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර, කොළඹ සහ නුවර අතර පොදු ප්‍රවාහන සේවා කටයුතුද හෙට සිට ආරම්භ කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ සහ නුවර අතර මගී ප්‍රවාහනය සඳහා තෝරාගත් මාර්ගය: නුවර – කටුගස්තොට – ගලගෙදර – හතරලියද්ද – රඹුක්කන – කරඬුපන – කෑගල්ල – පස්යාල හරහා කොළඹ යන මාර්ගය වන අතර, එය මගීන්ට සුරක්ෂිත මාර්ගයක් ලෙස තෝරාගෙන ඇත.
නුවර සිට කොළඹට යන දුම්රිය මගීන් සඳහා හෙට සිට විශේෂ බස් රථ සේවාවක්

