චීන ජනරජය විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 400ක වටිනාකමක් ඇති ආධාර තොගයක් රැගත් ගුවන්යානයක් අද (08) කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.
මෙම ගුවන්යානය තුළ ජීවිතාරක්ෂක කබා, කූඩාරම්, බ්ලැන්කට්, ඇද ඇතිරිළි හා විවිධ ආධාර භාණ්ඩ කිලෝග්‍රෑම් 84,525ක් අඩංගුය.
ගුවන්යානය පිළිගැනීමේ අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චැන්ග් හොන්ග් මහත්මයා ඇතුළූ පිරිසක් සහභාගී වූහ.
චීන ආධාර ගුවන්යානයක් කටුනායකට

