ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (16) නිකුත් කර ඇති බව වාර්තා වේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම, මාර්ග අවහිර වීම හෝ ව්‍යසන හේතුවෙන් පදිංචි ස්ථානයෙන් සේවා ස්ථානය වෙත පැමිණීමට නොහැකි වූ නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතය.
එම විශේෂ නිවාඩු ලබාගැනීම සඳහා, සේවයට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සමඟ ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු වේ.
ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කරන ලද ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් පරීක්ෂා කර එහි නිරවද්‍යතාව පිළිබඳ සෑහීමකට පත්වූ අවස්ථාවක පමණක්, සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දින ගණන සඳහා විශේෂ නිවාඩු අනුමැතිය ලබාදිය යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙම විශේෂ නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට පමණක් අදාළ වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත.

