Homeසියලුම පුවත්බදුල්ල රෝහලේ වෛද්‍යවරයා සියදිවි නසාගත්තා දැයි පොලීසියට සැකයක්

බදුල්ල රෝහලේ වෛද්‍යවරයා සියදිවි නසාගත්තා දැයි පොලීසියට සැකයක්

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතාගේ මෘත ශරීරය පොලීසිය අද (24) පෙරවරුවේ සොයාගෙන තිබේ.
යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී බදුල්ල – මහියංගනය මාර්ගයේ 17 කණුව ආසන්නයේ වන ලැහැබක තිබියදී මෘත ශරීරය සොයාගෙන ඇත.
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතා ඊයේ (23) පෙරවරුවේ සිට අතුරුදන්ව ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය වහාම විමර්ශන ආරම්භ කර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය මාර්ගයේ 17 කණුව, මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රියේ සොයාගෙන ඇත.
ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා පොලීසිය සහ යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.
එහිදී අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මෘත ශරීරය එම ප්‍රදේශයේ සිට මීටර් 800ක් පමණ ඇතුළත පිහිටි වන ලැහැබක ගලක් මත තිබියදී අද උදෑසන සොයාගෙන ඇත.
එම ස්ථානයේ තිබී ඖෂධ වර්ග තුනක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව වෛද්‍යවරයා එම පෙති පානය කර සියදිවි නසාගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.
එමෙන්ම ඔහු දීර්ඝ කාලයක සිට මානසික ආතතිය සඳහා ඖෂධ ලබාගෙන ඇති බවද පොලීසිය මේ වනවිට අනාවරණ කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments