දෙමටගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු දින 14ක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊයේ (17) ඔවුන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සුරාබදු නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 16 වන දින දෙමටගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක කුටිය අසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශනවලදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා දෙමටගොඩ පොලීසියට අනුයුක්තව සේවයේ නිරත කොස්තාපල්වරයෙකු බව අනාවරණය වී තිබේ.
අයිස් සමඟ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා රිමාන්ඩ්

