ලොව ප්‍රමුඛතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාවක් වන Binance ආයතනයට එල්ල වූ බව වාර්තා වූ සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව, එහි පරිශීලකයින් විශාල පිරිසක් තම ගිණුම්වල තිබූ මුදල් නැවත ලබාගැනීමට කටයුතු කර තිබේ.Binance සමාගම සිය නිල X ගිණුම ඔස්සේ දැනුම් දී ඇත්තේ පරිශීලකයින් විසින් මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.64ක පමණ වත්කම් වේදිකාවෙන් ඉවත් කරගෙන ඇති බවයි.මෙම සිදුවීමත් සමඟ ආරක්ෂක හේතූන් මත සමාගම සිය ගනුදෙනු සහ මුදල් ආපසු ගැනීමේ පහසුකම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණි.පසුව ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමෙන් අනතුරුව මුදල් ආපසු ලබාගැනීමේ අවස්ථාව අදියර කිහිපයක් යටතේ නැවත විවෘත කර තිබේ.සමාගම ලබාදුන් තොරතුරු අනුව පළමු අදියරේදී ඩොලර් බිලියන 4.649ක වත්කම් පිටතට ගොස් ඇති අතර, එම කාලය තුළ නව තැන්පතු ලෙස ඩොලර් බිලියන 1.01ක මුදලක් ද ලැබී ඇත.එමෙන්ම ප්‍රහාරයෙන් අහිමි වූ බව වාර්තා වූ වත්කම්වලින් 95%ක් පමණ නැවත ලබාගැනීමට හැකි වූ බව ද සමාගම සඳහන් කර තිබේ.මෙම සිදුවීමත් සමඟ ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළ තුළ ඩිජිටල් වත්කම්වල ආරක්ෂාව සහ සයිබර් ප්‍රහාරවල අවදානම පිළිබඳව නැවතත් අවධානය යොමුව ඇත.

