Homeසියලුම පුවත්CNN, MS NOW සහ Politico ධවල මන්දිරයෙන් තහනම් කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

CNN, MS NOW සහ Politico ධවල මන්දිරයෙන් තහනම් කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් CNN, MS NOW සහ Politico යන මාධ්‍ය ආයතන තුනට ධවල මන්දිරයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව ප්‍රකාශ කර තිබේ.

තම පාලනය සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන නිරන්තරයෙන් අසත්‍ය වාර්තා පළ කරන බවට චෝදනා කරමින් ට්‍රම්ප් සිය Truth Social ගිණුම ඔස්සේ මෙම තීරණය නිවේදනය කර ඇත. කෙසේ වෙතත්, ඔහු එම චෝදනා සඳහා නිශ්චිත වාර්තා හෝ සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද මෙම තහනම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සහ අදාළ මාධ්‍යවේදීන්ට ධවල මන්දිර පරිශ්‍රයට සම්පූර්ණයෙන්ම ඇතුළුවීම වළක්වන්නේද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත. තහනම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද එම ආයතනවල මාධ්‍යවේදීන් ධවල මන්දිරයේ සේවය කරමින් සිටි බව වාර්තා විය.

මේ අතර CNN සිය ධවල මන්දිර මාධ්‍ය කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින බවත්, රජයේ බාධාවකින් තොරව වාර්තාකරණයේ නිරතවීමට තමන්ට ව්‍යවස්ථානුකූල අයිතියක් ඇති බවත් ප්‍රකාශ කර තිබේ. Politico ද තම වාර්තාකරණය අඛණ්ඩව සිදුකරන බවත්, තම පළමු සංශෝධන අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත් සඳහන් කර ඇත.

ට්‍රම්ප් පසුව තවත් මාධ්‍ය ආයතනවලටද මෙවැනි තහනම් පැනවිය හැකි බවට ඉඟි කර ඇති අතර, නීතිමය අභියෝගවලට මෙම තීරණය මුහුණදීමට ඉඩ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments