Tuesday, November 18, 2025
Homeදේශීයe-බිල්පත් ක්‍රමවේදයෙන් ජල බිල්පත් නිකුත් කිරීම ලබන 01 වැනි දා සිට

e-බිල්පත් ක්‍රමවේදයෙන් ජල බිල්පත් නිකුත් කිරීම ලබන 01 වැනි දා සිට

ජල බිල්පත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමවේදය යටතේ නිකුත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

එම මණ්ඩලය පැවසුවේ, ලබන මස 01 වෙනිදා සිට මෙම තෝරා ගත් ප්‍රදේශ 4 නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒ යටතේ කොළඹ දකුණ, මහනුවර දකුණ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

සම්බන්ධතා  344,697 කට අදාළව දුරකතන අංක  326,124 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇතැයි ද ජල සම්පාදන මණ්ඩලය පැවසීය. 

ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම ක්‍රමවේදය ලංකාවේ සෑම ප්‍රාදේශිකයකටම ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments