Homeසියලුම පුවත්FCID කැඳවීමක් තිබියදී ශිරන්ති රටින් පිටවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරයි

FCID කැඳවීමක් තිබියදී ශිරන්ති රටින් පිටවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරයි

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු පවසයි.

ඔහු සඳහන් කළේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

එමෙන්ම FCID වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවද ඔහු පැවසීය.

අද (16) අලුයම 12.50ට ගුවන් යානය පිටත්වීමට නියමිතව තිබියදී ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී නිලධාරියෙකු විසින් කැඳවීමේ ලිපියක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත භාරදී ඇති බවද එම සාමාජිකයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඇය ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව මෙම ලිපිය භාරදී ඇති බවයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 19 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments